|
බුදුන්වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත් කැලණිය පුරවරයේ කිරිබත්ගොජ ප්‍රදේශවාසීන්ගේ සිත් දහම් සිසිලසින් නිවාලන ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ “සිරි පඤ්ඤාතිස්ස ධර්ම විද්‍යාලය”, ප්‍රදේශවාසී දරුවන්ගේ ගුණ නැණ දියුණු කිරීමට 1931 වර්ෂයේ පටන් කැපවුණ කැපී පෙනෙන ධර්ම විද්‍යාලයකි. විහාරාධිපතිව වැඩ විසූ නායක ස්වාමීන් වහන්සේලාගේ නායකත්වය හා අනුශාසකත්වය යටතේ රටට අවැසි උගත් ගුණගරුක දූ දරුවන් දහස් සංඛ්‍යාවක් රටට ජාතියට දයාද කරන ලද බව සතුටින් දන්වමි. අප ධර්ම විද්‍යාලය මගින් යහපත් බොදු දරුවෙකු සමාජයට දයාද කිරීමට ව්‍යපෘති ගණනාවක් දියත් කර ඇත. එයින් ප්‍රධාන සැලසුම් කීපයක් මෙසේය:
|
|
|
|
එමෙන්ම මෙම සත් කාර්යය උපරිම අයුරින් සාර්ථක කර ගැනීමට නිරතුරුව සහයෝගය ලබාදෙන දායක සභාව, මෙහෙයුම් කමිටුව, ආචාර්ය මණ්ඩලය ස්තූති පූර්වකව සිහිපත් කරමි. මේ සියලු දෙනාගේ සහාය අපට නිබදව ලැබෙන අතර දෙමාපියන්ගේ කැපවීම හා සහාය අත්‍යවශ්‍යය. දරුවනි, ඔබේ අනාගතය රඳා පවතින්නේ පොතපත කතියවීමෙන් ලබා ගත් දැනුම මත පමණක් නොව ඒ හා සමගම ගුණ නැණ දෙකෙන් ද ඔබ පෝෂණය වුවහොත් පමණි. දහම් පාසැල් අධ්‍යාපනයෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබාගෙන තම ජීවිත සාර්ථක කර ගන්නා මෙන් සියලු දරුවන්ට සෙනෙහසින් යුතුව ආරාධනය කරමි. එම දහම් අධ්‍යාපනය ලබන ඔබ අනාගතයේ දී සැදැහවත්, බුද්ධිමත්, අතරමං නොවූ, සදාචාර සම්පන්න ගුණගරුක, විනයගරුක පුද්ගලයෙකු වේවා! තෙරුවන් සරණ වේවා! |