ශ්‍රී ලංකාද්විපය බුදුදහමින් ම පෝෂණය වූ ථෙරවාදි බුදුදහම පවත්නා රටකි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සෑම මනුෂ්‍යයෙකුටම උදාර ජීවිතයක් ගත කිරීමට අතිශයින්ම උපකාර වන්නේය. වර්තමානයෙන් අනාගතයට ධර්ම සංනිවේදනය කිරීමෙහි ලා දහම් පාසැල අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත. එමනිසා යම් ප්‍රදේශයක විහාරස්ඡානය කේන්ද්‍ර කොට පවත්වාගෙන යන දහම් පාසල දරු පරපුරේ අධ්‍යාත්මික රීතිය බව පත්ව ඇත. එමනිසා කිරිබත්ගොඩ සිරි පඤ්ඤාතිස්ස දහම් පාසලේ පරමාර්ථය ද යහපත් සමාජයක් බිහි කිරීමෙහි ලා සාමාජික සාමාජිකාවන් පෙළ ගැස්වීමය.
පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි.